දේශීය

කැබ් රථ අනතුරකින් අයෙක් මරුට – 5කට තුවාල

පොළොන්නරුව, වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ සිට වැලිකන්ද දක්වා ධාවනය කරමින් තිබූ කැබ් රථයක් පාරෙන් ඉවතට පැ​න සිදුවූ අනතුරකින් කැබ් රථය පැදවූ රියැදුරු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වැලිකන්ද පොලිසිය පවසන්නේ, ඔවුන්​ව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අද (15) දහවල් සිංහපුර 11 කිලෝමීටර් කණුව ආසන්නයේ දී කැබ් රථ රියදුරු​ට වේගය පාලනය කරගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන කුඹුක් ගසක වැදි මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතු‍රෙන් මියගොස් ඇත්තේ අංක 154, සූරියවැව සිංහපුර ලිපිනයේ පදිංචිව සිටි 54හැවිරි​දි K.D වසන්ත උදයසිරි කටුපිටිය යන පුද්ගලයෙක් බ​ව පොලිසිය සඳහන් කළා.

අනතුර සිදුවන විට කැබි රථයේ හයදෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අනෙක් පස්දෙනාද පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා පවසනවා.

තුවාල ලැබූවන් අවුරුදු 21 ත් 25 අතර වයසේ පසු වන්නන් වන අතර ඔවුන් වැලිකන්ද සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අධිකරණය කටයුත්තක් සඳහා පොළොන්නරුව දක්වා ගමන් කරමින් සිටියදී මොවුන් අනතුරට මුහුණපා ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button