දේශීය

ණයත් නෑ බයත් නෑ කියපු අ​ය හොයාගන්නත් නෑ – නිමල් සිරිපාල

ණයත් නැති බයත් නැති බවට තමන්ව හඳුන්වා ගත් පුද්ගලයන් ආර්ථික අර්බුදය මතු වූ සමයෙහි සොයා ගැනීමටවත් නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, ඌවේ ජනතාව වෙනුවෙන් තමන්ට කළ හැකි සහ කළ යුතු සියල්ල කර ඇති නිසා තමා ණයත් නැති බයත් නැති දේශපාලකයෙක් බවයි.

මේ උදා වී ඇත්තේ, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසේ අතිශය තීරණාත්මක කාල වකවානුවක් නිසා රටේ භූ දේශපාලනය ගැන විමසා බලමින් ගැළපෙනම තීන්දුව ගැනීමට තමන් සූදානම් බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාඩ් කුට්ටමක් සේ සලකා පක්ෂයේ හිටපු සභාපති ස​හ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එය තමන්ට රිසි අයුරින් අනා දැමූ නමුත් මේ වන විට පක්ෂය යළි ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය තමන් අරඹා ඇති බව​ද ඔහු අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button