දේශීය
ගාලු කොළඹ මාර්ගය ඔස්සේ යන රියදුරන්ට දැනුම්දීමක්

කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයේදී එම මාර්ගයේ කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාවට දැනුම්දී තිබෙනවා.
ඒ තෙල්වත්ත තොටගමුවේ රන්පත් විහාරස්ථ වාර්ෂික මිහිඳු පෙරහැර ගමන් කිරීම සඳහා අද (13) දින පස්වරු 1.00 සිට ගාලු කොළඹ මාර්ගයේ කොටසක් භාවිතා කිරීම හේතුවෙන් බවයි දැනුම්දෙන්නේ.
පොලීසිය දැනුම්දෙන්නේ, ඒ අනුව කොළඹ දෙසින් ගාල්ලට ගමන් ගන්නා වාහන කහව, මීටියාගොඩ, කිරලගහවෙල,අලුත්වල,ගෝනාපිනුවල හරහා කුමාරකන්දෙන් ගාලු පාරට පිවිස හෝ ගෝනාපිනුවල සිට හික්කඩුව මාර්ගයෙන් ගාලුපාරට පිවිසීමෙන් ගමන් කළ හැකි බවයි.
ගාල්ලෙන් කොළඹ දෙසට යන වාහන එම මාර්ග සටහනේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කළ හැකි බවත් පොලීසිය පවසනවා.