දේශීය
රුසියන් ගුවන් යානයක් කඩා වැටිලා

රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටී තිබෙනවා.
යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යානයේ සිට ඇත්තේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පමණක් බවද වාර්තා වුණා.
ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත් වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සුකොයි සුපර්ජෙට් 100 වර්ගයේ මෙම ගුවන් යානය වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති අතර අලුත් වැඩියාවකින් පසු යානය අත්හදා බැලීමේ පියසැරියක් සඳහා ගෙන යෑමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.