දේශීය
සංගීත සංදර්ශනයක් අතරතුර ඝාතනයක් – 5කට තුවාල

වීරකැටිය මොරයාය ප්රදේශයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ මොරයාය ප්රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක දී මෙම මරණය සිදුව ඇති බවයි.
ඊයේ (12) රාත්රි 11ට පමණ දෙපිරිස අතර මෙම ගැටුම සිදුවී තිබෙනවා.
තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මියගොස් ඇත්තේ 30 හැවිරිදි වීරකැටිය මොරයාය ප්රදේශයේ පදිංචිකරුවක්.
ගැටුමේදී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ප්රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහලට වලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළා.
පොලීසිය පවසන්නේ, සැකකරු ඝාතනය සදහා යොදාගත් පිහිය සමග අත් අඩංගුවට ගත් බවයි.