දේශීය
A-9 මාර්ගයේ බිහිසුණු අනතුරක්

මාන්කුලම් පොලිස් වසමේ ඊයේ (11) උදෑසන කාලයේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ, යාපනය සිට මහනුවර මාර්ගයේ කොකාවිල් ප්රදේශයේදී වව්නියාවේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ධානවය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථයේ පිටුපස ගැටී එම අනතුර සිදු වී ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 84 හැවිරිදි කොටහේන ප්රදේශයේ පදිංචිකාරිනියක්.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු මාන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.