දේශීය

කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

​ඒ කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ විදුලි හා ජලය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබැලීම සදහා නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button