දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වැඩ වර්ජනය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති විසින් මෙම වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඔවුන් සේවයට වාර්තා කළහොත් “සේවය හැරගියා සේ සලකා” නිකුත්කළ ලිපි ඉවත්කර ගන්නා බවයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
එලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළා.
ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් පෙරේදා(09) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වුණා.
එමෙන්ම දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකර වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සේවය හැර ගියා සේ සලකා අමාත්‍යවරයා විසින් අද (11) ලිපි නිකුත් කළා.