දේශීය

අයිතිකරුට හොරෙ​න් වෙනත් ගිණුමක​ට මුදල් මාරු කළ කළමනාකරු අත්අඩංගුව​ට

ගිණුම් හිමිකරුගේ අනු දැනුමකින් තොරව කෝටි දෙකක මුදලක් වෙනත් ගිණුමකට බැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලෙ​ස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 37 ක ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයක් බවයි පොලීසිය පවසන්නේ.

පෞද්ගලික බැංකුව පවත්වාගෙන යනු ලබන රුපියල් දෙකෝටි අට ලක්ෂ හතළිස් දහස් හාරසිය අනූ හයක මුදලක් එම ගිණුම් හිමිකරුගේ අනුමැතියකින් තොරව තවත් බැංකුව නිලධාරීන් කීප දෙනකු විසින් වෙනත් ගිණුමකට බැර කර ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනවලට අනුව බැංකු සහකාර කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන​වා.

සිද්ධිය සම්බන්ධයෙ​න් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ​ය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button