විදෙස්

චීනයේ දී අමෙරිකානුවන් සිව් දෙනෙකුට පිහි ප්‍රහාරයක්

දැනුම හුවමාරු වැඩසටහනක් යටතේ චීනයේ සංචාරය කරමින් සිටි අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙක්ට පිහි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී එම පිහි ඇනුම  සිදුකර ඇති බවයි.

​එම සිව් දෙනා පන්සලක් වෙත පා ගමනින් යමින් සිටියදී තියුණු ආයුධයකින් සන්නද්ධව පැමිණි පුද්ගලයෙක් විසින් එම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චීන බලධාරීන් කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නොමැති බව සඳහන්.

තුවාල ලැබූ සිව් දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button