දේශීයව්‍යාපාරික
තායිලන්තයෙන් ගෑස් ගන්න කැබිනට් අනුමැතිය

තායිලන්ත සියම් ගෑස් සමාගමෙන් මෙරටට අවශ්‍ය එල්.පී. ගෑස් මේ මස අවසානයේ සිට ආනයනය සදහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් එම සමාගමෙන් ආනයනය කිරීමටයි නියමිතව ඇත්තේ.
මීට පෙර ඕමාන සමාගමකින් මෙරටට අවශ්‍ය ගෑස් ආනයනය කළ අතර ඔවුන් සමග ඇති කර ගත් ගිවිසුම පසුගිය මාර්තු මස 31 වන දායින් අවසන් වුණා.
නව සමාගම සමග වසරක කාලයක් සදහා ගිවිසුම්ගත වී ඇති අතර ඔවුන් එම කාලය තුළ මෙරටට අවශ්‍ය ගෑස් මෙටි්‍රක් ටොන් ලක්ෂ 3ක් සැපයීම සිදු කළ යුතුයි.