දේශීය

ක්‍රීඩා සංගම් 4ක් තාවකාලිකව අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන්.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button