දේශීය

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පොලිස්පතිට නියෝගයක් 

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපය සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් බව සඳහන් කරමින් පිරිසක් විසින් වනාන්තර එළිපෙහෙළි කිරීම සහ ඉඩම් පැවරීම් සිදුකරන බවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.

මේ තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බවත් එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ අධිකරණය අනතුරුව පෙත්සම ජූලි මස 24 වනදා කැඳවීමට නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button