දේශීය

සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (14) දිනයේ සබරගමුව පළාතේ වැඩවර්ජනයක නිරත වනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ, අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබානොදීම හේතුවෙන් පසුගිය 09 වන දි​න සිට පළාත් මට්ටමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කර තිබෙනවා.

සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ලබන 21 වන දිනෙන් පසු දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රවී කුමුදේශ් මහතා වැඩිදුරට​ත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button