දේශීය

වාහන ආනයන බලපත්‍ර ලැබෙන පිරිස ගැන දැනුම්දීමක්

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඊට අදාලව නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වුණේ, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිත බවයි.

මාර්තු 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් ද තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කතානායකවරයාගෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button