දේශීය
රටේ ජනගහනය ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000 කින් පමණ පහළ ගොස් ඇති බවට මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කළේ, වසර 10 කින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බවයි.
ජනගහනය එලෙස පහළ යෑමේ ප්‍රතිශතය .06 %කි
මේ අනුව කාන්තා ජනගහනය 70,000කින්ද පිරිමි ජනගහනය 74,000කින්ද අඩුවී තිබෙනවා.
මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාවද 1447කින් වැඩිවී ඇති බවත් වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස 08% ක් ලෙස සඳහන් වනවා.
රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇති බව එම මහ බැංකු වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන්.