විදෙස්

හැඳුනුම්පත නැතිව ගිය බ්‍රිතා​න්‍ය අගමැති​ව ඡන්ද පොළෙන් හරවා යවයි

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්පතක් රැගෙන ඒමට අමතක වීම හේතුවෙන් එහි නිලධාරීන් ඔහු ආපසු හැරවා යැවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට තමන් අයත් ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත බොරිස් ජොන්සන් ගිය අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ දීමට ඔහුට සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

ආපසු හැරී ගිය බොරිස් ජොන්සන් පසුව පිළිගත හැකි හැඳුනුම්පතක් රැගෙන ඇවිත් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡායාරූපය සහිත පිළිගත් හඳුනුම්පතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට හඳුන්වා දුන් නීතියද ඔහුගේ රජය විසින් 2022 වසරේදී සම්මත කරන ලද දෙයක් බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button