තාක්ෂණික

ඇපල් සමාගමේ අලෙවි​ය පහත වැටි​ලා

අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය 4% කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බවයි.

අයිෆෝන් අලෙවිය 10%කි​න් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබෙන බවයි වාර්තාවන්නේ.

අයිෆෝන් අලෙවිය පහත වැටී ඇත්තේ මෙම වසරේ පළමු මාස 03 තුළ ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක වීම​ද විශේෂත්වයක්.

කෙසේවෙත​ත් නව නිෂ්පාදන සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ දැමීමෙන් විකුණුම් ඉහළ යනු ඇතැයි යන්න ඇපල් සමාගමේ අපේක්ෂාව බවද වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button