දේශීය
කොළඹ උද්ධමනයේ වෙනසක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ 0.9% හි සිට 2024 අප්‍රේල් මාසයේ දී 1.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේ වාර්තා වූ 3.8% සිට 2024 අප්‍රේල් මාසයේදී 2.9% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.
ආහාර නොවන කාණ්ඩය 2024 මාර්තු මාසයේ වාර්තා කළ -0.5%ක වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනයට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේදී 0.9%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවෙහි දැක්වෙනවා.