දේශීය
මහින්දගෙන් වන්දි මුදලක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත වන්දි මුදලක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එන්තරවාසියක් යොමු කර ඇත්තේ, මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට සිදුවූ අපහාසය වෙනුවෙන්.
එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ගෙවන ලෙසට එමගින් දන්වා තිබෙනවා.