දේශීය
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් මරුට

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ ඊයේ (23) රාත්රියේ තියුණු ආයුධ පහරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මින්නේරිය පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ, පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් එක්දරු පියකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ H..කපිල ෆොන්සේකා නමැති මින්නේරිය හේන්යාය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
පිහි අනුමට ලක් කළ පුද්ගලයන් දෙදෙනා සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර කලක පටන් ආරවුලක් පැවති බවත් මෙම ආරවුල දුරදිග යාමෙන් ඒකම පවුලේ පුද්ගලයන් දෙදෙනකු විසින් කපිල නමැති පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.