විදෙස්

ජපාන​යේ හෙලිකොප්ටර් යානා අනතුරකින් අයෙක් මරුට

පැසිෆික් සාගර​යේ රාත්‍රී අභ්‍යාසවල නිරතව සිටි ජපානයට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් එක් නිලධාරියකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් ජපාන නාවිකයෙ​කු මියගො​ස් තවත් 07 දෙනෙ​කු අතුරුදන් වී ඇති බවයි.

ද්විත්ව ඇන්ජිම් සහිත එම හෙලිකොප්ටර් යානා ටෝකියෝ නුවරට දකුණින් කිලෝමීටර් 600ක් දුරින් පිහිටි ඉසූ දූපත් අසල සබ්මැරීනවලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව පුහුණුවිම්වල නිරතව සිටියදී එම අනතුර සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.

හෙලිකොප්ටර් යානාවල සුන්බුන් සහ පියාසර දත්ත ඇතුළත් කොටස් එකිනෙකට සමීපව තිබී සොයාගෙන ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැති බව ජපාන ආරක්ෂක ඇමැති මිනෝරු කිහාරා ප්‍රකාශ කර තිබෙනවා.

ජපාන හෙලිකොප්ටර් යානා අනතුර වෙනත් පාර්ශ්වයක පහර දීමක් බවට සැක කළ නොහැකි බවත්, එම අවස්ථාවේදී එම මුහුදු සීමාවේ වෙනත් කිසිඳු යාත්‍රාවක් හෝ ගුවන් යානයක් නොතිබූ බවත් ජපාන නාවික හමුදාව ප්‍රකාශ කළ බව වැඩිදුරටත් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button