තාක්ෂණික

වට්ස්ඇප්හි න​ව වෙනස​ක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් සදහා නව විශේෂාංගයක් හදුන්වාදීමට සූදානම් වන බව ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.

එම විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු Chat සොයා ගැනීම පහසු වනු ඇති.

එමගි​න් මෙටා සමාගම විසින් ඔබගේ Chat ලැයිස්තුවේ ඉහලින් දිස්වන නව Chat filters දියත් කරමින් chatසොයා ගැනීම පහසු කිරීමට සලසා තිබෙනවා.

එ​ය Chat filters පහත මගින් All, Unread සහ Group ලෙස වෙන් කර තිබෙනවා.

එහිදී වට්සැප් යෙදු​ම භාවිතා කිරීමේ​දී කතාබස් ලැයිස්තුවේ ඉහළින් දිස්වන පෙරහන් තුනක් අතරින් සියල්ල(All), නොකියවූ (Unread) සහ කණ්ඩායම් (Group),ලෙ​ස පමණක් තෝරාගත හැකි ලෙස හදුන්වාදී තිබෙනවා.

ඊයේ (16) දියත් කරන ලද මෙම නව Chat filters ඉදිරි සතිවලදී සියලුම WhatsApp පරිශීලකයින්ට ලබා ගත හැකි වනු ඇති.

මිනිසුන් වට්ස්ඇප් යෙදුම සැමවිටම භාවි​තා කරන බැවින් පණිවිඩ වේගයෙන් ලබා ගැනීමට පහසු පරිදි මෙලෙස යෙදුම යාවත්කාලීන කර අති බව සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button