දේශීය

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කෙරෙන බවයි.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වන බව එම නිවේදනයේ සඳහන්.

මේ අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button