තාක්ෂණික

ජංගම දුරකථන මිල පහළට

ඩොලරය පහළ යෑ​ම හේතුවෙන් ජංගම දුරකතනවල මිල ලක්ශ එකාහාමාරකින් (150,000) පමණ පහළ යන බව ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පවසනවා.

ඔහු සදහන් කළේ, උත්සව සමයේ අඩු මිලට ජංගම දුරකතන මිලදී ගැනීමට හැකියාවක් පවතින බවයි.

මිල අධිකම ලෙස ගත හැ​කි iPhone 15 Pro Max දුරකථන​ය 5,15,000ක මිලකට පැවතියත් වර්තමාන වෙළඳපොළේ 375000ක මිලකට පාරිභෝගිකයින්ට ලබාගත හැකි මහඟු අවස්ථාවක් බව සභාපති සමිත් සෙනරත් මහතා සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ඩොලරය වැඩි වීමට පෙර රුපියල් 2000ට 3000ට තිබ්බ ෆෝන් එක ඩොලරය වැඩි වීමත් සමඟ 10000 පැනලායන්න ගත්තා. දැන් 7000 බැස්සා. සාමාන්‍ය ජනතාවට දැ​න් ජංගම දුරකතනය අත්‍යවශ්‍ය කාරනයක් වෙලා තියෙනවා. විශේෂයෙන් තරුණ පරපුර. ඩොලර් මිල අඩු වීමත් සමග අපි සංගමයක් විදිහට මිල පහල දැම්මා. අලුතින් ජංගම දුරකත්න සදහා වැට් එකක් දැම්මා. ජංගම දුරකතන ආනයනයේදී 18%ක් විතර වැට් එකක් වදිනවා. ඉතින් ඒ හින්දා තමයි මේ මට්ටමේ නැවතිලා දැන් තියෙන්නේ.ඒක නැත්නම් තව මිල අඩුවෙන්න තිබුනා මේ මිල අඩු වීම සමග අමතර උපාංග වල මිලත් අඩුවෙනවා. උත්සව සමයේ අඩු මුදලට ජංගම දුරකථනයක් ගන්න පුලුවන්. අලුත් වෙන උපකරණයක් වන ජංගම දුරකතන ගෙන්වීමේදී TRC කටයුතු නිසා අලුත් දේවල් ලංකාවට පැමිනීමේ පරක්කුවක් තියෙනවා අපි ඔවුන් සමග සාකච්චාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button