දේශීය
IMF වාර්තාව ගැන රනිල් ඉල්ලූ පාර්ලිමේන්තු විවාදයට දිනයක් ලැබෙයි

අප්‍රේල් පළමු සතියේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් රජය සිය සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බැවින් එම වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
තවද, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද IMF වාර්තාව සම්බන්ධයෙන් වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලූ බව සඳහන් කර ඇත.