දේශීය
දුමින්ද, ළහිරු ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
එහිදී නියෝගය නිකුත් කරනු ලැබුවේ මෙම සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.
භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම් විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණා.
Related: