දේශීය

චීන – ශ්‍රී ලංකා අත​ර නව ගිවිසුම් 9කට අත්සන් තැ​බේ

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා.

චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තියන්මාන් චතුරස්‍රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ද්විපාර්ශවීක සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහි​දී ද්විපාර්ශවීක සාකච්ඡාවලදී ආර්ථික, සහයෝගිතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ථ සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකළ බව සඳහන්. 

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 09​ක් මඟින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සනාථ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button