කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය විකාශය කර තිබෙනවා.
සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය එය බවයි සඳහන්වන්නේ.
මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ (22) චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව මාධ්‍ය වේදිකාව ඔස්සේ එය විකාශය කෙරුණා.
චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් ෂෙං හයිෂොං මහතා ඇතුළු ආරාධිත පිරිසක් එම අවස්ථාවට එක්ව තිබෙනවා.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම කෙරෙහි චීන මාධ්‍ය සමූහයේ ඉහළ අවධානය යොමුව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
එමෙන්ම කිසියම් රූපයකට අදාළ තොරතුරු අකුරු මගින් පරිගණකයට ලබා දුන්විට, ඊට සැසඳෙන රූපය නිර්මාණය කළ හැකි නව නිපැයුම් මාදිලියක් හඳුන්වා දීම කෙරෙහිද එම බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙන බව වැඩිදුරටත් සඳහන්.