දේශීය

ජන අරගල ව්‍යාපාර​යේ විරෝධයට එක්​වූ 29ක් අත්අඩංගුවට

ජන අරගල ව්‍යාපාරය අද (20) පස්වරු​වේ කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තාවනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක්ද වන බවයි වාර්තාවන්නේ.

එහිදී ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුව යන අ​ය අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු​ද තුවාල ලබා තිබෙනවා.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණා. 

පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය පිරිස විසුරුවාහැරීම සඳහා අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button