දේශීය
තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු ශානකියන් රාසමානික්කම් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මීට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාත් කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාද කෝප් සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වුණා.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද අද පස්වරුවේ පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස් වුණා.