08 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන්ට එකතුවෙන අලුත්ම විෂය

පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහාවු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාව හඳුන්වාදෙන බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින්.
එහි නියමු ව්‍යාපෘතිය එළැඹෙන මාර්තු 19 වන දා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමට නියමිතයි.
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග මයික්‍රෝසොෆ්ට් ආයතනය එක්ව සිටින අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා පවසන්නේ, මෙරට විශ්වවිද්‍යාල පද්ධතියද නව තාක්ෂණය සමග තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් මේ වනවිටත් ජාත්‍යන්තරය සමග එක්වෙමින් පර්යේෂණ, පශ්චාත් උපාධි ඇතුළු ඉගෙනුම් අවස්ථා සිසුන්ට අත්පත් කර ගත හැකි අයුරින් පුළුල් කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම මෙරට සියලු ගුරුවරුන්ටද නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් පන්ති කාමරය තුළ පාඩම් සැලසුම් කර ගැනීමට ඉදිරියේදී සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වාදෙනවා.