දේශීය
සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක

වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මකවනවා.
අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් K.L.D.G රිච්මන්ඩ් මහතා සඳහන් කළේ, අද පස්වරු 4.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි.
එහිදී රිච්මන්ඩ් මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,
“ඊයේ දහවල් 12ට දිවයිනේ තියෙන ජාතික විශ්වවිද්‍යාල 17ම අධ්‍යයන නොවන සේවක මණ්ඩලය සේවයෙන් ඉවත් වුණා. මෙයට ප්‍රධානම හේතුව පසුගිය ජනවාරි මාසයේ 22 වනදා සාකච්ඡාවේ දී අපිට පොරොන්දු වුණා විශ්වවිද්‍යාලවල වැටුප් කප්පාදුව නිවැරදි කරනවා කියලා. තාමත් එය නිවැරදි කරලා නෑ. ඒ නිසා වැඩවර්ජනය ක්‍රියාත්මකයි. බලධාරීන් මේකට විසඳුම් ලබාදෙන්නේ නැත්නම් අපිට සිදුවනවා ලබන සතියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන්න.”