දේශීය
ධීවර යාත්රාවක් යළිත් අතුරුදහන්

කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට පුවතක් වාර්තා වුණා.
එම යාත්රාවේ හිමිකරු ඒ බව සඳහන් කරමින් කල්පිටිය පොලිසීයට පැමිණිලි කර තිබෙනවා.
මෙම යාත්රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් 21, 37 සහ 38 යන වයස්වල පසුවන ඊච්චන්කාඩුව ප්රදේශයේ පදිංචිකරුවන්.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.