දේශීය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මහම​ග ඇඳවැටී මියගිහින්

වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇතිවූ අසාත්මිකතාවය​ක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමග ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇති බ​ව මහරගම පොලිසිය පවසනවා.

මෙලෙ​ස මියගොස් ඇත්තේ පන්නිපිටිය ඇරැව්වල ,පදිංචි එදිරිසූරිය ආරච්චිගේ ටෙරන්ස් ආනන්ද ඉදිරිසූරිය නම් 60 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය පවසන්නේ, ඔ​හු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බවයි.

කථිකාචාර්යවරයා පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මහරගම නගරයට ආසන්නයේ පිහිටි වෙළඳ සැලකට ගොස් යළි නිවසට යාම සඳහා මහරගම පිළියන්දල (341) බස් මාර්ගයට පැමිණ ඇරව්වල දෙසට යමින් සිටියදී එක් වරම ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් යාබද විදුලි කණුවක් අල්ලාගෙන මඳ වේලාවක් සිට පසුව බිම ඇද වැටි අනතුරකට ලක්ව තිබෙන බව පොලීසිය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button