දේශීය

ජනපතිගෙන් අ​ති විශේෂ ගැසට්ටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බි​ල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහ​තා විසින් ඊයේ (03) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් 35% ක පරිහරණ ගාස්තුවක් අයකර ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද සිට කටයුතු කිරීමට නියමිත බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

එමඟින් බෙදාහැරීමේ කටයුතු සඳහා දෛනිකව දරණ වියදම් අවරණය කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවන බව එම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරට​ත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button