ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ – මාස තුනක් ඇතුළත අපොස උසස් පෙළ ප්‍රතිඵලත්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ www.doenets.lk වෙබ් අඩවිය හරහා අදාළ ප්‍රතිඵල දැනගත හැකි බවයි.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනී සිටියා.
ඉන් 85,440 දෙනෙකු දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් වනවා.
මේ අතර මෙවර අපොස උසස්පෙළ විභාගයේ දෙවනි අදියරේ ඇගයීම් කටයුතු ලබන සිකුරාදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාග කොමසාරිස් ජනරාල්, එල් .එම් .ජේ. ධර්මසේන මහතා පැවසුවේ, ලබන 31 වැනිදා දක්වා එම ඇගයිම් කටයුතු සිදුකරන බවයි.
විභාග ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 10,000 කට ආසන්න පිරිසක් මෙවර සහභාගි වීමට වනු ඇත.
මාස 3 ක් ඇතුළත අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල් එල් .එම් .ජේ ධර්මසේන මහතා සඳහන් කළා.