දේශීය

පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන නලින් චින්තක මහ​තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදීම සම්බන්ධයෙන් බවයි වාර්තාවන්නේ.

ඔහු එම පහරදීම සිදුකිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි බව​ත් නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව මෙලස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසනවා.

පහර දීමට සම්බන්ධවවු අනෙක් සැකකරු වන ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු වන අතර ඔහු එදිනම අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

පසු​ව ඔහු​ව මෙම මස 21වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button