දේශීය

යළි​ත්​‍ සෞඛ්‍ය වර්ජනයක්?

සෞඛ්‍ය වැඩවර්ජනයකට නැවත වතාවක් හෙට (13) හෝ අනිද්දා (14) දිනයේ යොමුවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ, අද (12)  මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්​ම ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මෙම ගැටලුවට අත්‍යවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්විය හැකි බවත් සභාපති රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button