විදෙස්
තවත් යුද්ධයක් අත ලඟ

ඉකුත් මාර්තු 09 වන දා ඉන්දියාව විසින් සාමන්‍ය නඩත්තුවක් අතරතුර අත්වැරදීමකින් මිසයිලයක් එල්ල වී තිබෙනවා.
පාකිස්තානු බලධාරීන් පවසන්නේ එම මිසයිලය පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයට කිලෝමීටර 500ක් පමණ දුරින් වැටී ඇති බවත් එය සන්නද්ධව නොතිබූ බවත් ය.
තවද මෙම මිසයිලය කිලෝමීටර 300 සිට කිලෝමීටර 500 දක්වා දුරකට එල්ල කළ හැකි බවට වාර්තා වී ඇති අතර මෙය මාක් 3ක (ශබ්දයේ වේගයෙන් මෙන් තුන් ගුණයක) වේගෙයෙන් ගමන් කළ බවද වාරතා වෙනවා.
පාකිස්තානු බලධාරීන් මෙහිදී විමසන්නේ කිසිඳු පාලනයකින් හෝ අනුදැනුමකින් තොරව අත්වැරදීමකින් මිසයිලයක් එල්ල වීමේදී එය පාකිස්තානය දෙසට ඒමට නම්, ඉන්දියාව එම මිසයිල පාකිස්තානය දෙසට යොමු කර සූදානමින් තබාගෙන සිටින්නෙද යන්නයි.