ක්‍රීඩා

තවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක් හෘදයාබාදයකින් මියයයි

ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට කඩුලු රකින ක්‍රීඩක රොඩ් මාෂ් (74) හෘදයාබාධයකින් මිය ගොස් තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා ක්වීන්ස්ලන්තයේ පැවති ආධාර එක්රැස් කිරීමේ ක්‍රිකට් තරඟයකට යමින් සිටියදී මාෂ් හදිසියේ අසනීප වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාෂ් 1970 සිට 1984 දක්වා ක්‍රීඩාකළ කාලයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 96කදී දවාගැනීම් 355ක් ලබාගැනීම ඔහු විශ්‍රාම යන විට ලෝක වාර්තාවක් ලෙස වාර්තා වුණා.

ඔහු එක්දින ජාත්‍යන්තර තරඟ 92 කට ද ක්‍රීඩා කළ අතර 2016 දක්වා ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළා.

මාෂ් ඔස්ට්‍රේලියාවේ දවාගැනීම් ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවනවා.

එහි පළමු ස්ථානයේ සිටින ඇඩම් ගිල්ක්‍රිස්ට් දවාගැනීම් 416ක් සිදුකර ඇති අතර දෙවන ස්ථානයේ සිටින ඉයන් හීලි දවාගැනීම් 395ක් සිදුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button