දේශීය

සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා නොකරන්න පොලිසියට උපදෙස්

සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම මින් ඉදිරියට නොකරන ලෙ​ස පොලිසියට යළි උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහ​තා ප්‍රකාශ කළා.

නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (20) උදෑසන එම නිවසට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

සිද්ධියෙන් මියගිය 41 හැවිරිදි රොෂාන් කුමාරතිලකගේ පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට අද උදෑසන වැඩබලන පොලිස්පතිවරයා එම නිවසට ගිය අවස්ථාවේදී සිදුකරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button