Uncategorizedදේශීය
වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ පිළිවෙළින් තුන සහ හතර ස්ථාන වලට පත්වෙමින්.
එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම් වල මුල්තැන හිමි කර ගැනීමට එංගලන්තයේ අදිල් රෂීඩ් සමත් වුණා.
එසේම, පන්දුවාර විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 8 වන ස්ථානය දිනා ගැනීමටද වනිදු හසරංග සමත් වීම විශේෂත්වයක්.
මීට අමතරව, එක්දින පන්දු යවන්නන්ගේ දර්ශකයේ 7 වන ස්ථානය දිනා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්වී තිබෙනවා.
කෙසේ වෙතත්, පන්දුවාර විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මුල් දස දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු නොමැති අතර, විසිවන ස්ථානයේ පැතුම් නිශ්ශංක රැදී සිටිනවා.