දෙරණ නාලිකාව අපත, චොර, පජාත හෝ චාටර් නෑ..! – හසලකට හසුනක්

SLVlog යූටියුබ් නාලිකාවේ විකාශය වන Daily Dose (DD) වැඩසටහනේ සාමාජිකයෙක් සහ මාධ්‍යවේදියෙකු වන හසලක තුෂාර සංජීවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගනිමින් අද (08) කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
පවර් හවුස් පුද්ගලික සමාගම ගොනුකළ එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, නතාෂා එදිරිසූරියට ඇප ලබාදීමේ සිද්ධිය අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් “පදනම් විරහිත සහ අපහාසාත්මක ලෙස SLVlog Pod Talks හරහා හසලක තුෂාර සංජීව විසින් වැඩසටහනක් විකාශය කර තිබුණ” බවයි.
මෙහිදි දෙරණ ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත, චාටර්, ලැජ්ජා නැති සහ චොර මාධ්‍ය නාලිකාවක් යැයි හසලක තුෂාර සඳහන් කළ බව එම එන්තරවාසියේ දැක්වේ.
ඒ හරහා අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රකාශ සිදුකරමින් අද දෙරණ ට චෝදනා එල්ල කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම විසින් එම නඩුකරය ගොනුකර තිබෙනවා.
Daily Dose වැඩසටහන විකාශය වන්නේ SL Vlogs Pod Talk නැමති නාලිකාවක බවට එහි තව දුරටත් සඳහන් වුවද එය සැබවින්ම විකාශය වන්නේ SL Vlogs ප්‍රධාන නාලිකාවෙහිය.
එමෙන්ම, පසුගිය ජනාධිපතිවරණය සමයෙහි සහ ඉන් පසුව ද දෙරණ නාලිකාව විසින් ප්‍රසිද්ධියට පත් කළ කැළණි නයි සිද්ධිය, කෑගල්ල ධම්මික පැණිය වැනි දෑ මගින් සිදුකළ සමාජ අසාධාරණය විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් දෙරණ අධිපති දිලිත් ජයවීර සිද්ධාර්ථ චරිතය සම්බන්ධව නොගැලපෙන ලෙස අදහස් දක්වා තිබියදී බුදු දහමට අපහාස කිරීම ගැන කම්පාවීම විහිළුසහගත බවත් ව්විධ මත පළවෙමින් පවතියි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවූ අදහස් කිහිපයක් පහතින්.






