අත්තනගලු ඔය දෙපසේ ගංවතුර අවදානමක්

ඉදිරි පැය 3 සිට පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ මේ බව සඳහන් කරන්නේ, ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින්.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වනවිට මිලිමීටර් 100කට වැඩි සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වනවා.
ඒ අනුව එහිදී දැක්වෙන්නේ, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් දක්වන ලෙස එම ප්‍රදේශවාසීන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන්කරන රථවාහනවල රියදුරන්ගෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින බවයි වාර්තාවන්නේ.