දේශීය
දමිළ පාසල්වලට දීපවාලි නිවාඩු

2023 නොවැම්බර් මස 12 වැනිදාට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වැනි සඳුදා දින නිවාඩු ලබාදෙනු බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.
ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතුවන බවයි සඳහන් කරන්නේ.
අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුවත් කළ යුතු බවයි.