දේශීය

NMRA හිටපු සභාපතිට අධ්‍යක්ෂක තනතුරක්

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර විජිත් ගුණසේකර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවයි.

එබැවින් ඔහු යළිත් එම තනතුරටම පත්කර ඇති බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button