ක්‍රීඩා
අරවින්ද සිල්වා Hall of Fame ලැයිස්තුවට

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) Hall of Fame හෙවත් ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක්වීමට නියමිතයි.
නොවැම්බර් 14 මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී අර්වින්ද සිල්වා මහතා ඉන් පිදුම් ලැබීමට නියමිත බව වාර්තා වනවා.
මීට පෙර ICC Hall of Fame වෙත ඇතුළත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වූයේ මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණයි.