ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (09) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේදීයි පස්වරු 2.00ට පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

නවසිලන්තය මෙම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

විචාරකයින් පවසන්නේ, ශ්‍රී ලංකාව තරගය ජයගතහොත් 2025 වසරේ පැවැත්වෙන ICC ශූරයන්ගේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button