ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟය අද (09) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසකම් නොලැබූ අතර, දැනට ශ්‍රී ලංකාව සහභාගි වූ තරඟ 08න් තරග 06ක් ම ශ්‍රි ලංකාව පරාජයට පත්වී තිබුණා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අවසන් වරට පැවති තරඟ 05න් තරග 04කම ජය නවසීලන්තය දිනා ගත් අතර, එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිම වී තිබෙනවා.

මේ වනවිට ප්‍රසාද ලකුනු සටහනේ 4 වන ස්ථානය නවසීලන්තය පසු වන අතර,එහි 9 වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button